FAST NEWS

24×7 Around the Globe

තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු 04 ක් රිමාන්ඩ්..

අධිකරණයට අපහාස කිරිම සම්බන්ධ චෝදනාවක් සම්බන්ධයෙන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු සිව්දෙනෙකු ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත්  අධිකරණය අද (23) නියෝග කළේය.

ඉකුත් 24 දා රැකියා විරහිත උපාධිධාරීන් විසින් නැගෙනහිර පළාත් සභා පරිශ්‍රය ඉදිරියේ  පැවැත්වූ උද්ඝෝෂණය අතරවාරයේදී එම විරෝධතාවට එරෙහිව ලබාදුන් අධිකරණ නියෝගය පොලීසිය ඉදිරියේ ඉරා දමා, පාගා  අධිකරණයට අපහාස කිරිම හේතුවෙන් මොවුන්ට එරෙහිව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.

(ADS)