FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්..

ජල නල අළුත්වැඩියා කටයුත්තක්  හේතුවෙන් හෙට(24) රාත්‍රී 10.00 සිට පසුදින සවස 4.00 දක්වා ,කොළඹ ප්‍රදේශ කිහිපයකට  පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 02 සහ කොළඹ 03 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව තිඹිරිගස්යාය , හැව්ලොක් පාර, කොළඹ 08 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

(ADS)