FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩු මාරුවෙන් නොහැකි දේ ඇමති මාරුවෙන් බැ – අනුර..

ආණ්ඩු මාරුවකින් නිර්මාණය කිරීමට නොහැකිවූ රට ඇමති මාරුවකින් හැදිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක ඊයේ (23) කෙළඹ පැවති  මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.

එහිදී අදහස් දැක්වූ අනුරකුමාර දිසානායක –

“මේ ආණ්ඩුව බලයට පත්වෙන විට වංචාවට දූෂණයට හවුල් වූවන් අත්අඩංගුවට ගෙන විභාගයට ලක්කොට දඩුවම් ලබාදීමට පොරොන්දු වුණා.දැන් වසර දෙකහමාරක් ගතවෙමින් තිබෙනවා, පොරොන්දු වූ කිසිවක් ඉටුකරන්න මේ පාලකයින් සමත් වෙලා නැහැ.

ඒ වගේම මේ පාලකයින් දිගින් දිගටම කිව්වා තරුණ තරුණියන්ට රැකියාවක් ලබාදෙන්න කටයුතු කරනවා කියලා.රැකියා දශලක්ෂයක් දෙන්න පොරොන්දු වුණා.වසර දෙකහමාරක් ගතවෙලා තිබෙනවා ඒත් අපේ රටේ තරුණයින්ට ජීවත්වීම වෙනුවෙන් තමන්ගේ අධ්‍යාපනයට සරිලන වැටුපක් සහිත රැකියාවක් ලබාදෙන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා.

ඒ වගේම ණය උගුලක හිරවෙලා තිබෙන රට ඒ උගුලෙන් ගොඩගන්නවා කිව්වා.නමුත් ඒ වෙනුවට තවදුරටත් ණය උගුලක රට හිර කොට තිබෙනවා.”

(ADS)