FAST NEWS

24×7 Around the Globe

2018 වසරේදී වෛද්‍යවරුන්ගේ හිඟයක් – වෛද්‍ය සභාව

සයිටම් ආයතනය සම්බන්ධ ගැටලුව මූලික කරගනිමින් වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයන් සියලුම දෙනාම පන්ති වර්ජනයක නිරත වන නිසා 2018 වසරේදී වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති වීම වළක්වා ගත නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අවධාරණය කර සිටියි.

එසේම විභාග පැවැත්වීමේ කටයුතුවලින් වෛද්‍යවරුන් ඉවත්ව සිටීම නිසා විදේශ වෛද්‍ය අධ්‍යාපනය හදාරා වෛද්‍යවරුන් බවට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස්වලටද යම් ගැටලුවකට මුහුණදීමට සිදුව ඇතැයිද එම සභාව පෙන්වා දෙයි.

කෙසේ අදාළ ගැටලුව අවසන් වුවද අධ්‍යයන කටයුතු සඳහා 80%කට ආසන්න සහභාගිත්වය නොමැති වීම නිසා අවසන් වසරේ ශිෂ්‍යයන්ට අවසාන විභාගයට මුහුණදීමට හැකියාව නොමැති බවත් එම සංගමය වැඩි දුරටත් අවධාරණය කරයි.

(ADS)