FAST NEWS

24×7 Around the Globe

සමයං ඝාතනයට සැක අංගොඩ ලොක්කා හා සඟයා අත්අඩංගුවට..

කළුතර බන්ධනාගාර බස්රථවලට ප්‍රහාරයක් එල්ල කර සමයං ඇතුළු  7 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අංගොඩ ලොක්කා සහ ඔහුගේ ගෝලයා බවට සැකකරෙන පුද්ගලයන් දෙදෙනකු ඉන්දියාවේ චෙන්නායිහිදී පසුගිය 20 රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයා සහ ඔහුගේ ගෝලයා වන සුචී බවට සැකකරන මොවුන් සතුව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ළඟ තිබියදී චෙන්නායි පොලිසිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පසුගිය 20 රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

මෙරට කල්පිටිය ප්‍රදේශයේ සිට ඉන්දියාවේ චෙන්නායි නුවරට ගොස් සිටියදී චෙන්නායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි අනාවරණය වී ඇතැයි විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා මාධ්‍ය වෙත පැවැසීය.

මෙම සැකකරුවන් සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට නියමිත බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

(ADS)