FAST NEWS

24×7 Around the Globe

පිළියන්දල වෙඩි තැබීමේ සැකකරුවන් රිමාන්ඩ්…

පිළියන්දල වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (21)  අහංගම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් කාන්තාව හා පුද්ගලයින් දෙදෙනෙකු ජූනි මස 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කෑස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

අපරාධ සිදුකිරීම සඳහා ආධාර අනුබලදීම, සාක්ෂි අතුරුදහන් කිරීම, අසත්‍ය තොරතුරු සැපයීම, හා සැකකරුට රැකවරණ සැපයීම සම්බන්ධයෙන් මෙම තිදෙනාව අත්අඩංගුවට ගෙන තිබේ.

එ අනුව පසුගියදා පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගිවූ පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩිතබා පොලිස් නිලධාරියෙකු හා කුඩා දැරියක ඝාතනය කිරීමත්, තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට හා සිවිල් පුද්ගලයින්ට තුවාල සිදුකිරීමත් යන වරදට මොවුන් සැක කරුවන් වී තිබේ.

(ADS)