FAST NEWS

24×7 Around the Globe

වෛද්‍යවරු වර්ජනය අරඹති..

ඉල්ලීම් පහක්‌ මුල් කරගනිමින් අද (22 දා) පැය හතරක්‌ පමණක්‌ සිදුකිරීමට තීරණය කළ වෛද්‍ය වැඩ වර්ජනය පැය විසිහතරක්‌ දක්‌වා රටපුරා ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (21 දා) තීන්දු කරන ලදී.

පැය හතරක වර්ජනයක්‌ අද පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්‌වා රට පුරා සිදුකරන බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය බ්‍රහස්‌පතින්දා (18 දා) නිවේදනය කළ නමුත් ඊට බලපෑ තම ඉල්ලීම්වලට රජය මෙතෙක්‌ ප්‍රතිචාර නොදැක්‌වීම නිසා වර්ජනය ක්‍රියාත්මක වන කාලය තවත් පැය විස්‌සකින් දීර්ඝ කළ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

(ADS)