FAST NEWS

24×7 Around the Globe

ගොඩනැගිල්ලට කිසිදු සැලසුම් සහතිකයක් හෝ අනුකූලතා සහතිකයක් අරං නෑ..

වැල්ලවත්තේ දී කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා කිසිදු සැලසුම් සහතිකයක් හෝ අනුකූලතා සහතිකයක් ලබාගෙන නොමැති බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවැසීය.

අද(19) පස්වරුවේ බත්තරමුල්ලේ පිහිටි සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.