FAST NEWS

24×7 Around the Globe

සුන්බුන් අතර සිරවූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම්..

වැල්ලවත්ත ප‍්‍රදේශයේදී ඊයේ(18) කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන් බුන් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින අතර ඒ සඳහා යුද හමුදාවේ ද සහය ලබා ගැනෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසීය.

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල රෝහලේ තවදුරටත් ප‍්‍රතිකාර ලබන අතර ගොඩනැගිලි සුන්බුන්වලට යට වූ පුද්ගලයින් සෙවීම සඳහා මෙහෙයුම් ද ක‍්‍රියාත්මකය.