FAST NEWS

24×7 Around the Globe

ඇමතිවරුන්ගේ වාහන සඳහා වැය මුදල ගැන ඇමති දයාගෙන් ප්‍රකාශයක්..

රජයේ ඇමතිවරුන්ගේ නිල භාවිතය සඳහා ගෙන්වන වාහන සඳහා වැය වන්නේ එක් වාහනයකට රු. ලක්ෂ 75ක මුදලක් පමණක් වන බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ ඊයේ  (18) සිරිකොත දී පැවති එජාප මාධ්‍ය හමුවක් අමතමින් පැවැසීය.

එම වාහනයක් සඳහා රු. ලක්ෂ 450ක් වියදම් වන බවට වන සාවද්‍ය මතයක් සමාජගත කර ඇතැයි ද පැවැසූ ඔහු සදහන් කලේ බදු වශයෙන් අය කෙරෙන රු. ලක්ෂ 375ක මුදල භාණ්ඩාගාරයට යැවෙන බවයි.

පසුගිය රජය සමයේදී සිදු කළ ආකාරයට මෙම වාහන සඳහා රජයේ මුදල් අමතරව වැය කිරීමක් සිදු නොකොට අදාළ ඇමතිවරයාගේ අමාත්‍යංශයට සපයා ඇති ප්‍රතිපාදනවලින් වාහනය මිල දී ගැනීම සිදු වන බව ද ගමගේ මහතා පෙන්වා දුන්නේය.