FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුනු සරසවි සිසුන් ඇප මත මුදාහැරේ..

අධිකරණ නියෝග කඩකරමින් විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුලූ සරසවි සිසුන් අටදෙනා අද(19) ඇප මත මුදා හැරුණි.

සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝග කෙරුණේ රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහරින ලෙසයි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පසුගිය බදාදා කොළඹ පැවති විරෝධතාවයෙන් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගන්නා ලදි.