FAST NEWS

24×7 Around the Globe

කැළණි ගඟ ආසන්නයේ කොටසක් නාය යයි – විකල්ප මාර්ග භාවිතයට උපදෙස්

වැල්ලම්පිටිය පොලිස් වසමේ කොහිලවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ කැළණි ගඟ ආසන්නයේ කොටසක් අද(19) පෙරවරුවේ නායගොස් ඇති බැවින් අඹතලේ හංදිය පරණ අවිස්සාවේල්ල පාර කොහිලවත්ත මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර ඇතැයි පොලීසිය පවසයි.

ඒ අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.