FAST NEWS

24×7 Around the Globe

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද..

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද(19) දින පස්වරු 4.00ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල පිහිටි රණවිරු ස්මාරකය අබියස දී පැවැත්වේ.

මෙම උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ, රජයේ මැති ඇමැතිවරුන් මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් හා ‍පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීහුද, යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් ද සහභාගි වීමට නියමිතය.

ජාතික රණවිරු උත්සවය නිමිත්තෙන් අද (19) පස්වරු 2.00 සිට 6.00 දක්වා පාර්ලිමේන්තු පාර සහ ඒ අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්ද ‍පොලීසිය විසින් ප්‍රකාශයට පත්කොට තිබේ.