FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතට අදත් තද වැසි..

බස්නාහිර පළාතට අද(19) දිනයේ ද මිලිමීටර් සියය ඉක්මවු තද වැසි ඇති විය හැකි බවත් හා සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

එසේම නැගෙනහිර සහ ඌව පළාත්වල ද සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පැයට කිලෝමීටර් 50ක් පමණ වු තරමක තද සුළං සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වු තද සුළං ඇති විය හැකි බවයි.