FAST NEWS

24×7 Around the Globe

GOMA හා කම්කරු ඇමති අතර විශේෂ හමුවක්…

වෘත්තීය සමිති ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයන් සහ සෞඛ්‍ය අමාත්‍යයවරයාගේ ඇතැම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කම්කරු අමාත්‍යය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ලබන 23 වැනිදා මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අමාත්‍යයවරයා ප්‍රමුඛ නිළධාරීන් විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව එම අමාත්‍යංශය පවසයි.

(ADS)