FAST NEWS

24×7 Around the Globe

වර්තමාන මහ බැංකු අධිපතිගේ ඊමේල් හුවමාරුවක් කොමීසමට..

වර්තමාන මහ බැංකු අධිපතිවරයාට නොදන්වා ලෝක බැංකුවේ නිලධාරියකු සහ සාක්ෂිකරු අතර සිදු වී තිබෙන රාජකාරි මට්ටමේ ඊමේල් පණිවුඩ හුවමාරුවක් පිළිබඳව නීතිඥ චානක ද සිල්වා මහතා බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (17) අනාවරණය කළේය.

රාජකාරි කටයුත්තකට අදාළ ක්‍රියාවකදී එහි පිටපතකින් මහ බැංකු අධිපතිවරයා දැනුම්වත් කළ යුතු වූවද එවැන්නක් මෙහිදී සිදු වී නැති බව නීතිඥ සිල්වා මහතා පෙන්වා දුන් අතර එය සාක්ෂිකරු වන නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පිළිගත්තේය.

කොමිසමේ සාමාජිකයන් සහ නීතිඥවරුන් පමණක් සහභාගිවූවන් සාක්ෂිකරුගෙන් රහසිගත සාක්ෂි විමසීමක් ඊයේ (17) සවසත් බැඳුම්කර කොමිසම ඉදිරියේ සිදුවුණි.

(ADS)