හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ මුදල් රුපියල් ලක්ෂ 668ක් සිය පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් භාවිත කර ඇති බවට චෝදනා කරමින්, ඉදරි දින කිහිපය ඇතුළත දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මාධ්‍ය වෙත පැවසීය.
අදාළ පැමිණිල්ලට මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු මුදල් මණ්ඩලයත්, වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු මුදල් මණ්ඩලයත්, මහ බැංකුව භාර අමාත්‍ය අගමැති රනිල් වික්රමසිංහත් වග උත්තරකරුවන් ලෙස නම් කරන බවද හෙතෙම පැවසීය.








