වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් අනතුරටපත් පුද්ගලයින් 14 ක් කළුබෝවිල රෝහලට හා තවත් පුද්ගලයින් 07 දෙනෙකු ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.
මේ අතර ගොඩනැගිල්ල කඩාවැටීම හේතුවෙන් පිරිසක් සිරවී ඇති බවත් ,අනතුරට ලක්වූවන් මුදාගැනීම සඳහා ගිනිනිවන සහ මුදාගැනීමේ ඒකක සමඟ මෙහෙයුම් මේ වනවිටත් ක්රියාත්මක වන බවත් වැඩි දුරටත් වාර්තා වේ.
(ADS)
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
වැල්ලවත්ත සැවොයි අසල ගොඩනැගිල්ලක් කඩා වැටෙයි….– 08 ක් රෝහලේ..
වැල්ලවත්ත සැවොයි සිනමාහල අසල ඉදිකෙරෙමීන් පැවති ගොඩනැගිල්ලක් අද පෙරවරු 10.45 ට පමණ කඩා ඇති බව වාර්තා වේ.
මෙ වන විට එම ස්ථානයට ගිලන් රථ හා ගිනි නිවන රථ පිටත් කර යවා ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.
මෙම සිදුවිමෙන් තුවාල ලැබු පුද්ගලයින් 08 දෙනෙකු පමණ මෙ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවද වාර්තා වේ.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න…
(ADS)








