FAST NEWS

24×7 Around the Globe

රක්නා ලංකා ඉදිරියට ගෙන යන්නැයි ජනපතිගෙන් උපදෙස්…

ඈවර කිරීමට රජය මීට පෙර ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබු සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගමේ කටයුතු සාමාන්‍ය පරිදි ඉදිරියටත් කරගෙන යෑමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

එම සමාගම වෙතින් විශ්‍රාමික රණවිරුවන්ට සිදුවන සුභසාධනය සලකා තවදුරටත් එහි කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙසත්, ඒ සඳහා වන යෝජනා තමන් වෙත ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ආයතනයේ සභාපතිවරයා වෙත උපදෙස් ලබාදී ඇති බවද පැවසේ.

රක්නා ලංකා සමාගමේ ඇති ගොඩබිම් හා මුහුදු ආරක්ෂකයන් වශයෙන් 1500කට ආසන්න විශ්‍රාමික රණවිරුවන් සේවයේ යෙදී සිටින අතර, රාජ්‍ය සහ පෞද්ගලික අංශ ආයතන රාශියකට සිය සේවාවන් සපයනු ලබයි.

(ADS)