FAST NEWS

24×7 Around the Globe

ජී.එස්.පී. ප්ලස් පළමු සහනය ධීවර ක්‍ෂේත්‍රයට..

ජී.එස්.පී. ප්ලස් බදු සහනය මෙරටට හිමිවීමේ වාසිය ධීවර ක්‍ෂේත්‍රයේ ජනතාවට ප්‍රථමයෙන්ම ලැබෙන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතදී ඊයේ (17දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වී යුරෝපයට මත්ස්‍ය අස්වැන්න අලෙවිකිරීමට අවස්ථාව හිමිවුවද, මේ වනතෙක් ඒ සඳහා 18%ක බදු මුදලක් අයකළ බවත්, හෙට (19දා) සිට කිසිදු බදු මුදලකින් තොරව යුරෝපයට මත්ස්‍ය අස්වැන්න අලෙවිකිරීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

ඒහේතුවෙන් මෙරට ධීවර ක්‍ෂේත්‍රය තවදුරටත් විශාල වර්ධනයක් වන අතර, ධීවර ක්‍ෂේත්‍රය සංවර්ධනය කිරීමට වත්මන් රජය බලාපොරොත්තුවන බවද හර්ෂද සිල්වා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

(ADS)