FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන ආයතන ඡන්ද සංශෝධිත කෙටුම්පතට කැබිනට් අනුමැතිය..

පාළාත් පාලන අමාත්‍ය ෆයිස්ර් මුස්තාපා ඉදිපත් කරන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

යෝජිත පනත් කෙටුම්පතේ යම් යම් වගන්තිවලට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර කැමැත්ත අවශ්‍ය බවට නීතිපතිවරයා පෙන්වා දීමෙන් පසුව පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්‌ව සාකච්ඡා කර සරල බහුතරයකින් සම්මත කර ගත හැකි ආකාරයට නැවත මෙය කෙටුම්පත් කර ඇත.

එමෙන්ම බහු සභික කොට්‌ඨාස සඳහා අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව දැක්‌වූ කරුණු සැලකිල්ලට ගෙන සිදු කළ යුතු සංශෝධන කාරක සභා අවස්‌ථාවේ පනත් කෙටුම්පතට ඇතුළත් කෙරේ.

මේ අනුව කෙටුම්පත ගැසට්‌ පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, වැඩිදුර සංශෝධන කාරක සභා අවස්‌ථාවේදී ඇතුළත් කිරීමටත් ඇමැති මණ්‌ඩල අනුමැතිය හිමිව ඇත.

(ADS)