FAST NEWS

24×7 Around the Globe

ජුලි 01 වැනිදා සිට ඇඟිල්ල තැබීම අනිවාර්යයි…

රාජ්‍ය සේවකයින්ගේ පැමිණීම හා පිටවීම සනාථ කරන ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම විශේෂ චක්‍රලේඛයක් මගින් ලබන ජූලි මස පළමුවැනිදා සිට අනිවාර්ය කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කරන ලෙසට මීට පෙර දැනුම්දී තිබුණ ද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නැවත චක්‍රලේඛයක් මගින් ඒ බව දැනුම්දුන් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් වරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

(ADS)