FAST NEWS

24×7 Around the Globe

මහනුවර උසස් තාක්ෂණ ආයතනය දින නියමක් නොමැතිව වසා දැමේ..

මහනුවර උසස් තාක්ෂණ ආයතනය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරිය අද(17) තීරණය කර තිබේ.

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන්  මෙම තිරීණය ගත් බවත් , තොරතුරු තාක්ෂණ පාඨමාලා අංශය හැර සෙසු අංශවල අධ්‍යයන කටයුතු යළි දැනුම්දෙන තුරු නොපැවෙත්වන බව පාලනාධිකාරිය පවසයි.

අදාළ මහනුව බෝගම්බර පිහිටි ආයතනයේ උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව අම්පිටිය දඹවෙල ප්‍රදේයේ ස්ථානයක පවත්වා ගෙන යෑමට පාලන අධිකාරිය සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සිසුන්ට දැනුම් දීම සඳහා වන පෝස්ටරයක් ඇලවීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අදාළ තීරණයට පක්ෂ හා විපක්ෂ සිසු දෙපිරිසක් අතර ගැටුම ඇතිව තිබෙන බව ‍පොලීසිය පවසයි.

ගැටුම හේතුවෙන් සිසුන් කිහිපදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

(ADS)