FAST NEWS

24×7 Around the Globe

අන්තරේ පාගමන වැළැක්විමේ නියෝගය ප්‍රතික්ෂේප කෙරේ..

සයිට්ම් අහෝසි කිරිම හා තවත් කරුණු 15 මුල්කර ගනිමීන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (17) දිනයේ  කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කිරීමට නියමීත විරෝධතා පාගමන වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස පෑලියගොඩ පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

එම විරෝධතාවය හේතුවෙන් විශාල මහජන පීඩාවක් ඇති වන බවට අවාධරණය කරමීණ් පෑලියගොඩ පොලිසිය මෙම ඉල්ලීම සිදුකර ඇත.

මහජනතාවට පීඩාවක් වන්නේ නම් එය වැළැක්වීමට අවශ්‍ය නීතිය සහ බලය පොලිසිය සතු බවත් ඒ අනුව ක්‍රියාකරන ලෙස අධිකරණය පොලිසීය වෙත නියෝග කර තිබේ.

(ADS)