FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස් කරන්න 3/2 පමණක් ප්‍රමාණවකත් නොමැති බව සුසිල් කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් කරන ලෙස එහි සාමාජිකයන් තුනෙන් එකක අත්සන් සහිත ඉල්ලීමක් ලැබී ඇති මුත් පක්ෂ ව්‍යවස්ථාව අනුව ශ්‍රීලනිප සභාපති වන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය නැතිව මධ්‍යම කාරක සභාව රැස් කළ නොහැකි බව සන්ධානයේ මහ ලේකම් සහ ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය.

‘අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂ සභාපතිට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මධ්‍යම කාරක සභාව රැස් කළ හැකියි. පක්ෂයේ තුනෙන් එකකට වැඩි පිරිසකගේ අත්සන් සහිත ඉල්ලීමක් ලදවිට එම ඉල්ලීම ලැබී මසකට පසු මධ්‍යම කාරක සභාව රැස් විය හැකියි. එහෙම නැතිව ඉක්මනින් රැස් වෙන්න බැහැ.

අද හෝ හෙට (16) මධ්‍යම කාරක සභාව රැස් කරන්න කියා පක්ෂ සභාපති කියා නැහැ. ඒ නිසා මධ්‍යම කාරක සභාව රැස් වන්නේ නැහැ.

එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වන පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ තීරණයක් ගන්නවා.‘