ආණ්ඩුව විසින් පසුගිය අය-වැයේ යෝජනා කරගත් පරිදි සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල් මත 28% ක බද්දක් පැනවීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ගැනීම සඳහා සූදානමක් පවතින බව න්තර් සමාගම් සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.
එ අනුව මෙම අසාධාරණ බදු ඉවත් කර ගැනීම සඳහා අන්තර් සමාගම් සේවක සංගමය ලෙස ජනාධිපති, අගමැති, මුදල් ඇමති, කම්කරු ඇමති යන සියලූ දෙනාටම ලිඛිතව දැනුම් දී අති බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන්.
සම්පුර්ණ නිවේදනය පහතින්..
2017. 05. 16
ප‍්‍රවෘත්ති කර්තෘ /ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ තුමා/තුමිය
EPF/ETF කොල්ලකෑම සඳහා ආණ්ඩුවේ 28% ක බද්දට අන්තරේ විරෝධය ජනාධිපතිට/අගමැතිට/මුදල් ඇමතිට/කම්කරු ඇමතිට ලියයි
බද්ද කි‍්‍රයාත්මක කළොත් රට තුළ විරෝධය
ආණ්ඩුව විසින් පසුගිය අය-වැයේ යෝජනා කරගත් පරිදි සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල් මත 28% ක බද්දක් පැනවීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ගැනීම සඳහා සූදානම් වෙයි. එය අරමුදල් වල ආයෝජන ආදායම මත 14% ක වාර්ෂික බද්දක් හා සේවකයින් විශ‍්‍රාම යන විට තමන් සතු අරමුදල් නැවත ලබා ගැනීමේදී 14% ක් ලෙස මෙම 28% බදු කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇත.
විශ‍්‍රාම වැටුපත් අහිමි පෞද්ගලික අංශයේ හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ට දායකත්ව මුදල් වලින් සම්පූර්ණ වන මෙම අරමුදල් මේ වනවිට පිළිවෙලින් EPF හි මුළු මුදල් රු. කෝටි 170000/= ක (බිලියන 1700) ක් පමණ වන අතර EPF හි මුළු මුදල් රු.කෝටි 20000/= ක (බිලියන 200) ක පමණ වන විශාල සේවක මුදල් ප‍්‍රමාණයක් වෙයි. එම මුදල් වලින් 93% කට වැඩි ප‍්‍රමාණයක් රජය ණය ලෙස ලබාගෙන ඇත. භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර හා රුපියල් ණය ලෙස අරමුදලේ මුදල් රජය විසින් ණය ලබාගෙන ඇත. මෙහි EPF අරමුදල් පාලනය සම්පූර්ණයෙන්ම ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් සිදු කරයි. EPF කම්කරු අමාත්‍යවරයා යටතේ සභාපතිවරයෙක් හා භාරකාර මණ්ඩලයක් යටතේ පාලනය වෙයි.
පසුගිය මෑත අතීතය දෙස බලන විට මෙම අරමුදල් වලින් EPF අරමුදල ඉතා විශාල අවභාවිතාවට ලක් වූ අවස්ථාවන් ගණනාවක් ඇත. 2008-2013 කාලය තුල රාජපක්‍ෂ පවුල් පාලනයේ ආරක්‍ෂාව මත කොටස් වෙළඳපොලේ ආයෝජන කරන මුවාවෙන් කරන ලද වංචා වල අලාභය රු. කෝටි 2100/= ක් පමණ විය. එමෙන්ම වර්තමාන ආණ්ඩුව බලයට පැමිණි විගසම සිදුකරන ලද මහ බැංකු බැඳුම්කර වංචාව හරහා සිදුකරන ලද අලාභය රු. කෝටි 1500/= ක පමණ විය. මේ සියල්ල නිසා සේවක අරමුදල්, සේවකයින්ට අහිමි විය. එයින් සියලූ සේවකයින්ට අහිමි කරන ලද මුදල් ප‍්‍රමාණය සැලකීමේදී බැඳුම්කර වංචාව නිසා සිදු වූ අලාභය එක් ගිණුම් හිමියෙකුට රු. 6000/= ක් පමණ වේ.
මේ තත්වයන් තුල තවත් බදු මුදල් පැනවීම හරහා විශාල මුදලක් සේවකයින්ට අහිමි වනු ඇත. එබැවින් මෙම අසාධාරණ බදු ඉවත් කර ගැනීම සඳහා අන්තර් සමාගම් සේවක සංගමය ලෙස ජනාධිපති, අගමැති, මුදල් ඇමති, කම්කරු ඇමති යන සියලූ දෙනාටම ලිඛිතව දැනුම් දී ඇත.
මුදල් අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති මෙම බදු යෝජනාව ඉවත් කර නොගතහොත් රට පුරා පෞද්ගලික අංශයේ සේවකයින් මෙම බදු යෝජනා වලට එරෙහිව පෙළගැස්සවීමට අන්තර් සමාගම් සේවක සංගමය කටයුතු සූදානම් කරමින් සිටී.
ස්තුතියි.
අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන්,
වසන්ත සමරසිංහ
සභාපති
(ADS)