බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාලවල සේවයේ නියුතු පිරිස් වෙත සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ඉදිරපත් යෝජනා පත්‍රය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව, පෙරවරු 7.30 සිට පෙරවරු 9.15 දක්වා ඕනෑම වේලාවක සේවයට වාර්තා කිරීමටත්, රාජකාරි කටයුතු ඉටු කළ යුතු නියමිත කාලය නිමවීමෙන් පසු පස්වරු 3.15 සිට පස්වරු 5.00 දක්වා ඕනෑම අවස්ථාවක කාර්යාලයෙන් බැහැරව යාමටත් හැකි වන පරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි කාර්යාලවල සුනම්‍ය කාර්යාල වේලාවන් සහිත නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීම පිණිස එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පැවරීමට මෙම කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර තිබේ.
2016 නොවැම්බර් සිට 2017 ජනවාරි දක්වා මාස තුනක කාලසීමාවක් තුළ බත්තරමුල්ල පරිපාලන ප්‍රදේශයේ පිහිටි රජයේ ආයතන වෙත පැමිණි රථවාහන සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයක් පසුව මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.
එ අනුව එම ප්‍රදේශයේ කාර්යාලයට පැමිණීම සඳහා පෞද්ගලික වාහන හෝ රාජකාරි වාහන භාවිත කරන නිලධාරින්ගෙන් 58%ක් පමණ පෙරවරු 7.00 සිට පෙරවරු 9.30 දක්වා රාජකාරියට පැමිණීම සඳහාත්, පස්වරු 3.00ත් පස්වරු 5.30ත් අතර රාජකාරි අවසන් කර කාර්යාලවලින් පිටවීම සඳහාත් එකී වාහන භාවිත කරන බව එම අධ්‍යනය මගින් හෙළි වී ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.
(ADS)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.