දවසේ විදුලිය භාවිතා කරන කාලසීමාව අනුව ගෙවීම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි පාරිභෝගිකයන් වෙත නව ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන ගත් බව විදුලිබල හා බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය ඊයේ (16) මාධ්‍ය වෙත පැවසීය.
එසේ වුවද පවතින විදුලි බිලෙහි කිසිදු වැඩිවීමක් නොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ ගෘහස්ත විදුලි පරිභෝජකයන් සඳහා ඔවුන්ගේ විදුලි පාරිභෝගික රටාව වෙනස් කළ හැකි කාලපාදක ගාස්තු ක්‍රමය එනම්, විදුලිය භාවිත කරන කාලය අනුව අයකිරීම් සිදු කිරීමේ අවස්ථා තෝරා ගැනීමට හැකියාව ලබා දී ඇති බව ඇමතිවරයා පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරනු ලැබීමට අනුමැතියද හිමීව තිබේ.
ඒ අනුව විදුලි පාරිභෝගිකයාගේ විදුලි භාවිතා කිරීමේ කාල වේලාව අනුව පහත පරිදි වන අයුරින් ඔවුන්ගේ කටයුතු සඳහා විදුලිය භාවිත කළ හැකි බවට වාර්තාව මෙසේය.
කාලය ඒකකයක මිල (රුපියල්)
රාත්‍රී 10.30 – උදෑසන 5.30 13
උදෑසන 5.30 – සවස 6.30 25
සවස 6.30 – රාත්‍රී 10.30 54
මෙම විදුලි ගාස්තු ක්‍රමය හඳුන්වාදීම තුළින් විදුලි පාරිභෝගිකයන් සඳහා වන ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන අතර මෙම ක්‍රමවේදය එකලා විදුලි සැපයීමක් සහිත විදුලි පාරිභෝගිකයන් හඳුන්වාදීම තුළ බලාපොරොත්තු වන්නේ දිනකදී වැඩිම විදුලි ඉල්ලුම පවතින සවස 6.30 සිට 10.30 දක්වා කාලය තුළ විදුලි පරිභෝජනය අවම කර ගැනීම බව විදුබල අමාත්‍යවරයා පවසයි.
එසේම කිසිදු පාරිභෝගිකයෙකුට මෙම ක්‍රමවේදයට අනුගත වීමට අනිවාර්ය නොකරන අතර මෙම ගාස්තු ක්‍රමය පාරිභෝගිකයා කැමති නම් පමණක් තෝරා ගත හැකි බවද හෙතම අවධාරණය කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීම් පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති අතර මෙම නව ක්‍රමවේද හඳුන්වාදීම තුළ බලාපොරොත්තු වන්නේ පාරිභෝගිකයාට සඳහා වඩාත් නම්‍යශීලී ආර්ථිකමය වාසි සහගත ගාස්තු ගෙවීමේ ක්‍රමවේදයන් සඳහා යොමුවීමේ අවස්ථා පුළුල් කිරීමක් පමණක් වන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
(ADS)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.