මන්නාරම් දිස්ත්‍රික්කයේ මුසුලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ යුද්ධයෙන් අවතැන්වුන් නැවත පංදිචි කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විමර්ශනයක් සිදු කිරිම සඳහා ත්‍රිපුද්ගල කමීටුවක් පත් කිරීමට, ජනාධිපති ලේකම් පි.බී අබේකොන් හා දේශපාලන නියෝජීතයින් අතර ඊයේ (16) පැවති සාකච්ඡාවකදී තීරණය විය.
එ අනුව එම මුසුලි බලප්‍රදේශය තුල නැවත පංදිචි කිරිම් සම්බන්ධයෙන් විමර්ශනය කර එහි වෙසෙන ජනතාවට සධාරණයක් ඉටු කිරීම මෙම කමීටුව පත් කිරීමෙහි අරමුණ වන බව අදාළ සාකච්ඡාව තුලදී පැහැදිලි විය.
එසේම වන රක්ෂණ සීමාවන්ට මුසුලි ප්‍රදේශයද අයත් වන පරිදි පසුගියදා නිකුත් කෙරුණු ගැසට් පත්‍රය නැවත සංශෝධනය කර නැවත ගැසට් කිරිම සඳහා වු ක්‍රියාමාර්ග ගැනීමට සිය අවධානය යොමු කරන බව ජනාධිපති ලේකම් පි.බී අබේකොන් මහතා මෙම සාකච්ජාව තුලදි අවධාරණය කර සිටියේය.
පසුගියදා නිකුත් කෙරුණු උක්ත ගැසට් පත්‍රය සම්බන්ධයෙන් මුසුලි ප්‍රදේශවාසී අවතැන් ජනතාවගෙන් එල්ල වු විරෝධය සැලකිල්ලට ගෙන මෙම සාකච්ඡාව කැඳවා තිබුණු අතර, මෙම සඳහා රජයේ අමාත්‍යවරු වන ෆයිසර් මුස්තාපා, රිෂාඩ් බදීයුදීන්, රවුෆ් හකිමී යන මහත්වරුන්ද එක්ව සිටියහ.
(ADS)