FAST NEWS

24×7 Around the Globe

සෑම මාසයකදීම අගමැතිගෙන් අමත්‍යාංශ ගැන විමසීමක්..

සෑම මාසයක් පාසා අමාත්‍යාංශ ලේකම්වරු කැඳවා එම අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

යහපාලන රජය විසින් ක්‍රියාත්මක කරන නව ආර්ථික සැලසුම්වලට අදාළ ව්‍යාපෘති සඳහා ඇතැම් අමාත්‍යාංශවලින් ලැබිය යුතු දායකත්වය නිසි ලෙස නොලැබෙන බවට ලැබී ඇති පැමිණිලි හේතුකොට ගෙන මෙසේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

රජයේ ආර්ථික සැලසුම්වලට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ආයතන සංග්‍රහය, චක්‍රලේඛ සහ වෙනත් අණ පනත් හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ලවී ඇති නිසා එම බාධක ඉවත්කර ඒවා කඩිනම් කිරීම අගමැතිවරයාගේ අපේක්‍ෂාව වී තිබේ.

(ADS)