FAST NEWS

24×7 Around the Globe

උතුරු මැද ඒකාබද්ධ මන්ත්‍රීවරු අද මහින්ද හමුවට..

උතුරුමැද පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු යළිත් වරක් අද (17) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව අද පස්වරු 4.00ට කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී අදාළ හමුව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා මාධ්‍ය වෙත පැවසීය.

පළාත් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් සුසිල් ගුණරත්න මහතා හැරුණු කොට සෙසු මන්ත්‍රීවරුන් 16 දෙනාම මෙම හමුවට සහභාගි වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයට මහ ඇමැති ධුරය ලබාදෙන ලෙස ඉල්ලමින් නව දිවුරුම් ප්‍රකාශයක් ඊයේ පස්වරුවේ පළාත් ආණ්ඩුකාරවරයාට ලියාපදිංචි තැපෑලෙන් යැවූ බවද චන්ද්‍රසේන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

(ADS)