FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප කැබිනට් ප්‍රකාශක ගැන කැබිනට්ටුවේදි තීරණයක් නෑ..!

කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක තනතුර සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ඇමැතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16 දා) පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී නොගත් බව රජයේ ප්‍රබල කැබිනට් ඇමතිවරු කිහිපපොපක්ම සඳහන් කරති.

කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශකවරු ලෙස කටයුතු කරන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහත්වරුන්ට අමතරව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන්ද කැබිනට්‌ ඇමැතිවරයෙකු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු ලෙස පත්කරන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මීන් පෙර මාධ්‍ය වෙත සඳහන් කර තිබුණි.

(ADS)