FAST NEWS

24×7 Around the Globe

මහ ඇමති පේෂලට එරෙහිව මන්ත්‍රීවරු 17ක ගෙන් පෙත්සම්..

උතුරු මැද පළාත් සභාවේ මහා අමාත්‍ය පේෂල ජයරත්න මහතාට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු  තනි තනි වශයෙන් ආණ්ඩුකාරවරයා වෙත දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන අමාත්‍යවරයා විසින් විශ්වාසය කඩ කර ඇති බවත් මීට පෙරාතුව මහා අමාත්‍ය ධූරය දැරූ එස්.එම් රංජිත් මහතාට  එම ධූරය නැවත ලබාදෙන ලෙස අදාළ දිව්රුම් පෙත්සම් මගින් ඉල්ලා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් උතුරු මැද පළාත්  ආණ්ඩුකාර  පී.බී දිසානායක මහතා එකී පෙත්සම් බාරගෙන නොමැති බවත් පැවසේ.

ඉහළින් පැමිණි නියෝගයක් හේතුවෙන් මෙම පෙත්සම් බාර ගැනීමට නොහැකි බව ආණ්ඩුකාරවරයා දැනුම් ඇත බවද වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)