FAST NEWS

24×7 Around the Globe

කැබිනට් සංශෝධනයක් – ජනපති කියයි..

කැබිනට් අමාත්‍ය සංශෝධනයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර එකඟතාවක් ඇතිව බවත් ඒ අනුව මෙහිදි  ප්‍රධාන පෙළේ අමාත්‍ය ධුරයකද වෙනසක් සිදුවන ඇතැයි වාර්තා වෙයි.

මෙම සංශෝධනය ඉතාමත් ඉක්මනින් සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්ද සඳහන් කර තිබේ.

ඇමති මණ්ඩලය මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරු වෙනස් කිරිමද නුදුරේදීම සිදුවන බවත් උද්ඝෝෂණ හා වර්ජන මැඩ පැවැත්වීම සඳහා වෙනමම බළකායක් ස්ථාපිත කිරීම කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කර තිබේ.

(ADS)