FAST NEWS

24×7 Around the Globe

උතුරු මහ ඇමති සී.වී ට නාම යෝජනා නෑ !

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී දෙමළ සන්ධානයෙන් නාම යෝජනා ලබානොදීමට එම පක්ෂය අභ්‍යන්තර තීරණයක් ගෙන ඇතැයි එම පක්ෂ අභන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එ අනුව ඔහු වෙනුවට දෙමළ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රී ධරන් මහතා ඉදිරිපත් කළ යුතු යැයි දෙමළ සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන් එකඟතාවකට පැමීණ ඇතැයිද පැවසේ.

විග්නේෂ්වරන් මහතා පක්ෂ මතය හා එකඟ නොවී වෙනත් සංධානයක් සඳහා අනුබල දීම වැනි හේතු කාරණා ගණනාවක් මෙම තීරණය සඳහා බලපා ඇතැයි කියැවෙන අතර උතුරු පළාත් සභාවේ මීළඟ මැතිවරණය ලබන වසරේ පැවැත්විය යුතුව ඇත.

(ADS)