FAST NEWS

24×7 Around the Globe

සයිබර් ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් නිවේදනයක්..

රටවල් රැසක පරිගණක පද්ධතිවලට එල්ල වී ඇති පරිගණක වෛරසයෙන් මෙරට පරිගණක පද්ධතිවලට මෙතෙක් බලපෑම් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන ලදි.

එහි ප්‍රධාන තොරතුරු ආරක‍්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පැවසුවේ ඒ පිළිබද කිසිදු පැමිණිල්ලක් තමන්ට මෙතෙක් ලැබී නොමැති බවයි.

ප්‍රබල සයිබර් ප්‍රහාරයක් බවට විශ්වාස කරන සිදුවීමකින් ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිදවැටුණ අතර සයිබර් ප්‍රහාරය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා ආයතනවල ඇතැම් පරිගණක පද්ධති සම්පුර්ණයෙන්ම බිද වැටී තිබේ.