FAST NEWS

24×7 Around the Globe

ගීතාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය නීත්‍යානුකූල නැතැයි අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ගොනු කරනු ලැබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(12) දිනයේ සලකා බලනු ලැබින.

ඒ අනුව ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම ලබන 15 වෙනිදා තෙක් අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේය.