FAST NEWS

24×7 Around the Globe

එම්.කේ සිවා‍ජිලිංගම්ගෙන් ජන සංහාර සතියක්..

අද(12) දිනයේ සිට ජන සංහාර සතිය ක්‍රියාත්මක කරන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවා‍ජිලිංගම් මහතා පැවැසීය.

ඔහු පෙන්වා දෙන්නේ යුද්ධයෙන් මියගිය පිරිසක් සිහිකිරීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙම සතිය තුළ විශේෂ සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.

ලබන 18 වන දින ජන සංහාර සතියේ අවසන් දින සැමරුම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව එම්.කේ සිවාජිලිංගම් මහතා සඳහන් කළේය.