FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් උළෙල අද සිට ඇරඹේ..

එක්සත් ජාතීන්ගේ 14 වන  ජාත්‍යන්තර වෙසක් උළෙල අද (12) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වේ.

“සමාජ සාධාරණත්වය සහ තීරසාර සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම“ යන්න තේමාව කර ගනිමින් ආරම්භ වෙන මෙම වෙසක් උළෙල ලබන 14 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍යංශය සඳහන් කළේය.

ඉන්දීය අග්‍රමාත්‍යය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන ජාත්‍යන්තර වෙසක් උළෙල සඳහා රටවල් 80ක රාජ්‍ය නායකයින් හා නියෝජිතයින් 1000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.

එසේම ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර ඇති බවත් ඇතැම් අවස්ථාවලදී කොළඹ නගරයේ මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දැමීමට කටයුතු කරන බවත් පොලීසිය සඳහන් කළේය.