FAST NEWS

24×7 Around the Globe

ගීතාගේ පෙත්සම අද සලකා බැලේ..

ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය ඉකුත් 03 දා දුන් නඩු තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ ඇපැල් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ අද (12 දා) සලකා බැලීමට නියමිතය.

පෙත්සම විභාග කර අවසන් වන තෙක්‌ ඇගේ මන්ත්‍රී ධුරය අහිමි වන පරිදි කිසිදු පියවරක්‌ ගැනීම වළක්‌වාලන අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.

ඇයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරූ පස්‌දෙනාටද අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ.

(ADS)