FAST NEWS

24×7 Around the Globe

ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්..

යහපාලන ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් මේ සතිය අවසන් වීමට ප්‍රථම බොහෝ දුරට සිදුවීමට ඉඩ ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර ගණනාවක් බොහෝ දුරට සංශෝධනය කිරීමට නියමිත බවද  පැවසේ.

එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය ධුර සංශෝධනය කිරීමට අදාළ ගිවිසුම පසුගිය සිකුරාදා දින එජාප මහ ‍ලේකම් අමාත්‍ය කබිර් හෂීම් මහතා හා අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

ඒ අනුව මහා මාර්ග, ධීවර, උසස් අධ්‍යාපන, ඛනිජ තෙල්, විදේශ, ජනමාධ්‍ය යන අමාත්‍ය ධුර බොහෝ දුරට වෙනස්වීමට ඉඩ ඇති බවද අදාළ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

(ADS)