FAST NEWS

24×7 Around the Globe

සේවයට වාර්තා නොකලොත් සේවය අත්හැරියා සේ සලකයි..

කොන්ත්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වහාම සේවයට වාර්තා කළ යුතු බවත්, අද (05) දිනයේ සේවයට වාර්තා නොකරන කොන්ත්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ කොන්ත්‍රාත් දුම්රිය රියදුරන් සේවය අතහැර ගියා සේ සැලකීමට තීරණය කර ඇති බවත් දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

අද උදෑසන නියමිත පරිදි කාර්යාල දුම්රිය ධාවන නිරත වු නමුත්, පෙරවරු 08.00න් පසු දුම්රිය ධාවනය අඩාල වන බව දුම්රිය ලොකෝමොටිව් සංගමය පවසයි.

හ අනුව අද දිනය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත දුම්රිය ගමන් වාර 300කට ආසන්න සංඛ්‍යාවෙන් අත්‍යවශ්‍යම දුම්රිය 30ක් පමණක් ධාවනය කෙරෙන බවද එම සංගමය පවසයි.

(ADS)