FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රීට උත්තරේ 17 දා දෙන්නම් – මහින්දගෙන් පිළිතුරක්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට පිළිතුරු අගෝස්තු මස 17 දා ලබා දෙන්නම් යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඩාලි පාරේ ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඔහු මාධ්‍යවේදීන්ට මේ බව පැවැසීය.

සන්ධාන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

එසේම නිදහස් පක්ෂ අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමක් සවස පැවැත්වෙනු ඇත.

රාත්‍රියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතය.