FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ල වැසියෝ මානව හිමිකම් යති…

මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත් පිරිසක් තමන්ට හිමි වන්දි හෝ අවතැන් වූවන්ට අදාළ තක්සේරු වාර්තාවක් මෙතෙක් ලබාදී නොමැති බව පවසමින් අද (04) මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කලහ.

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් අගතියට පත් පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටිමීන් නීතිඥ සුනිල් වටගල මහතා කොමීසම වෙත මෙම පැමීණීල්ල ඉදිරිපත් කළේය.

මෙම ඛේදවාචකයෙන් මීය ගිය පිරිස වෙනුවෙන් මෙතෙක් රජය වන්දි ලබාදෙන ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා කර නොමැති බවත් , එසේම මෙය ස්වභාවික ආපදාවක් ලෙස නොසලකන බවද රජයේ ආයතනවල සහ නිලධාරීන්ගේ නොසැළකිලිමත්කම හේතුවෙන් සිදු වූ ආපදාවක් ලෙස මෙම පැමීණීලල මගින් ඉදිරිපත් කෙරෙන බව සුනිල් වටගල මහතා මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේය.

එසේම මියගිය එක් අයෙකු සදහා රුපියල් ලක්‍ෂ 60 ක වන්දියක් ලබාදෙන ලෙසටද මෙමගින් ඉල්ලීමක් කෙරුණු බවත් , මිය ගිය අය වෙනුවෙන් ඔහුගේ හෝ ඇයගෙන් යැපෙන්නන් සඳහා අනාගතය ගොඩනගා ගැනීම සඳහා මෙම වන්දි මුදල යෝජනා කළ බවද සඳහන් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

(ADS)