FAST NEWS

24×7 Around the Globe

විදේශ විනිමය පනත් කෙටුම්පත පිළිබඳ තීන්දුව පාර්ලිමේන්තුවට..

යෝජීත විදේශ විනිමය පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (03) පාර්ලිමේන්තුවට දැනුම් දීමට කටයුතු කළේය.

ආදළ පනත් කෙටුම්පත මගින් ජාතික ආරක්ෂාවට හා දේශීය ආර්ථිකයට අගතියක් සිදුවන බව පවසමීන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ඉදිරිපත් කර තිබු පෙත්සමක් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව දැනුම් දී තිබේ.

මෙම පනත් කෙටුම්පත මගින් විදේශ විනිමය හා විදේශ සංචිත පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව සතු බලතල විෂය භාර අමාත්‍යවරයාට පැවරීමට යෝජනා කර ඇති බව ආදළ පෙත්සම මගින් අවධාරණය කර තිබුණී.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක්  ලබා ගැනීම සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ පෙත්සමින් ඉල්ලා තිබුණි.

(ADS)