FAST NEWS

24×7 Around the Globe

කළුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාරයේ කමීටු වාර්තාව එයි..

කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා “සමයං“ ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු ඝාතනයට සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව, සිය මුලික වාර්තාව හෙට(04) පස්වරු 3.00ට පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිතව එම කමීටු ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පැවසීය.

පසුගිය පෙබරවාරි මස 27 වන දින  සිදුවු අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, රූමි මර්ෂුක් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

එ අනුව එම කමිටුව සිදුකරනු ලැබූ විමර්ශන වලින් අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මූලික වාර්තාවක් සකස් කර ඇති බව වාර්තා වේ.

(ADS)