FAST NEWS

24×7 Around the Globe

ප්‍රමීතගේ ඇමතිකම තිළිණට දෙයි..

මධ්‍යම පළාත් සභා යෞවන, ක්‍රීඩා හා වනිතා කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කළ ප්‍රමීත බණ්ඩරා තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විමත් සමග හිස් වූ අමාත්‍ය ධුරයට සඳහා, එක්සත් ජනතා නිදහස් සන්ධාන මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා  කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් වන සිය පියාණන් ඉවත් කිරීමට විරෝධය දක්වමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝ මහතා පසුගියදා සිය මධ්‍යම පළාත් සභා අමාත්‍යධුරයෙන් ඉවත්විය.

(ADS)