FAST NEWS

24×7 Around the Globe

ගීතාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව අද..

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රී ලංකාව සහ ස්‌වීස්‌ටර්ලන්තය යන දෙරටේම පුරවැසිභාවය හිමි අයකු බැවින් ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිය දැරීමට අයිතියක්‌ නැතැයි කියමින් ගොනු කර තිබූ පෙත්සම පිළිබඳ විභාගයේ තීන්දුව අභියාචනාධිකරණය විසින් අද (3 දා) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

අභියාචනාධිකරණයේ සභාපති විජිත් කේ. මලල්ගොඩ සහ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණි.

විනිසුරු මඬුල්ලේ තීන්දුව විනිසුරු පද්මන් සූරසේන මහතා විසින් ලියා ඇති අතර එය අද පෙරවරු 10 ට විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්‌කරමින් අභියාචනාධිකරණය හමුවේ 2015 මාර්තු මාසයේදී මෙම පෙත්සම ගොනු කළේ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පදිංචිකරුවෙක්‌ වන කේ. ඩබ්ලිව්. බුවනෙක සහ ඡේ. කේ. අමරවර්ධන ඇතුළු සිව්දෙනකු විසිනි.

(ADS)