FAST NEWS

24×7 Around the Globe

මැයි 05 වැනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් – GMOA

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාල ගැටළුව මූලික කරගනිමින් මැයි මස 05 වැනි දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (02) හෝමාගම රජයේ රෝහල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීමක් ආමන්ත්‍රණය කරමින් මේ බව සඳහන් කළේය.

එසේම මෙම වැඩ වර්ජනය සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන ආදී ක්ෂේත්‍රයන්හි වෘත්තීය සමිති රැසක සහභාගිත්වයෙන් යුතුව පවත්වන බවද හෙතෙම පැවසීය.

සයිටම්හි වෛද්‍ය සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා හෝමාගම රෝහල ලබාදීමට තීරණයක් ගෙන තිබීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට හෝමාගම රෝහල ඉදිරිපිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේවන විට විරෝධතා රැළියක් නිතර වෙයි.

(ADS)