FAST NEWS

24×7 Around the Globe

එජාප මුලස්ථානයට වෙඩි තැබු කොස්තාපල් රක්ෂිත බන්ධනාගාරයට..

පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට වෙඩි තැබූ මිරිහාන පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.

මතුගම ප්‍රදේශයේ පදිංචි මොහු එපිටමුල්ල ප්‍රදේශයේ පිහිටි නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන ආමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීරගේ නිවසේ ආරක්ෂක රාජකාරි සඳහා යමින් සිටියදී ඊයේ (01) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණී.

එම වෙඩි තැබිමෙන් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ නාම පුවරුවේ සවිකර තිබූ අලියා ලාංඡනයට හානි සිදුව තිබේ.

ඉන් අනතුරුව පොලිසිය සැකකාර කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගනු ලැබීය.

(ADS)